fbpx

HappyPeople

එළවළු වවන ගෘහ නිර්මාණ ශිල්පිණිය මේධිණී හා ඉංජිනේරුවා අභිෂේක්

By  | 

අපි ලංකාවට ඇවිල්ල කොළඹ පදිංචි වුනා. මෙහේ මාකට් එකේ ගන්න තියෙන එළවළු පලතුරු ගැන කලකිරෙනවා. ගොඩක් වෙලාවට අලුත් ඒව නෙවෙයි. ඒව නරක විෂ රසායනික යොදපුව. අනික කාබනික කියල විකුනන ඒව හරි ගණන්.

වාසනාවට අපිට ටිකක් ඈත ඉඩම් අක්කර දෙකක් තිබුන. අපි නාගරික පන්නෙට හැදිච්ච අය. ඒ වුනාට අපි වවන්න ගත්ත. දැන් අපි කන ආහාර වලට, මේ මහ පොළවට අපි වඩා සමීපයි වගේ.
අපිට දැන් මාකට් එකේ සුලභව ගන්න නැති ඒව කන්න ලැබෙනව. අපි සතියට පාරක් නෙළනව. වාරෙදි සුලභ දේවල් අපි වඩා ප්‍රයෝජනේට ගන්නව. ශෂ්‍ය මාරුව පස යලි සරුවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් ක්‍රමයක්. 
අපිට තියෙන ලොකුම බාධාව අපි කෘෂිකර්මෙ ඉගෙන ගෙන නැති එක. අනික අපිට මේ ගැන පුරුද්දකුත් නෑ. ඒත් අපි දවසෙන් දවස ඉගෙන ගන්නව. 

අපේ ගෙදර කන එළවලු වලින් 90%ක් , පළතුරු වලින් 50%ක් අපේ ගොවිපලෙන් එන්නෙ. 
අපේ අරමුණ 100%ක් ස්වයංපෝෂිත වෙන එක.

අපි මොවුන් දෙදෙනාට සුබ පතමු. ඒ වගේම අපි මොවුන්ගෙන් ඉගෙනගත යුතුයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!