fbpx

HappyBusiness

මේ සතිඅන්තයේ වෙළඳපොළට එන අලුත්ම නූඩ්ල්ස් සන්නාමය :YUMMY

By  | 

කාර්‍යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙකුට ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ දිව්‍ය භෝජනයක්. හැබැයි ක්ෂණික නූඩ්ල්ස් ගැන අපේ අම්මලා තාත්තලගේ හිතේ නම් තියෙන්නේ එතරම්ම හොද ප්‍රතිරූපයක් නෙමෙයි.

ක්ෂණික නූඩ්ල්ස් ඇඟට හොද නෑ… ඒක ඇතුලේ තියන කුඩු පැකට් එක හොද නෑ…. ඇගේ අස්ථි වලට ක්ෂණික නූඩ්ල්ඩ් හොද නෑ… හොද නෑ හොද නෑ… හොද නෑ… කියලා හැම තැනින්ම අපිට ඇහෙනවා.

හැබැයි නූඩ්ල්ස් කියන්නේ ශරීරයට අගුණ කෑමක් නෙමෙයි. ක්‍රිස්තු පූර්ව සමයේ ඉදලම චීනය, ජපානය, කොරියාවේ වගේ රටවල් වල මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාර වේලක් තමයි නූඩ්ල්ස්.

අදටත් ලෝකයම හොල්ලන චින, ජපන් සහ කොරියානු ජාතිකයින්ගේ ප්‍රධාන ආහාරය තමයි නූඩ්ල්ස්.

එයාලා කන්නේ අපි කන නූඩ්ල්ස් වලට වඩා ටිකක් වෙනස් එකක්. ඒ තමයි Broad නූඩ්ල්ස්

ලංකාවෙත් දැන් ඒ නූඩ්ල්ස් ජාතිය තියනවා. ඒ තමයි “Yummy”

ඕනම දෙයක් නියමිත වෙලාවට වඩා අඩුවෙන් හදන්න හොද නෑ. කෑමක් නම් ඒ නීතිය අනිවාර්‍යයි. නූඩ්ල්ස් එකක් හොදට තැම්බිලා නියම විදිහට හැදෙන්න නම් විනාඩි හතරක්වත් ඒ නූඩ්ල්ස් හොදට නටන උණුවතුරේ තම්බන්න ඕන.

අපි ගෙවන්නේ කාර්‍යබහුල ජීවිතයක් තමයි. ඒත් විනාඩි 4ක් වෙන් කරලා Yummy Broad Noodles පැකට් එකක් හදාගෙන කෑවොත් ජපනෙක් වගේ හොද ක්‍රියාශිලීත්වයකින් වැඩ කරන්න පුලුවන්. ශරීර සෞඛ්‍යයට කිසිම හානියක් නෑ වගේම මුලු දවසම හොද ප්‍රබෝධයකින් වැඩකරන්න පුලුවන් සම්පූර්ණ ආහාර වේලක් ලැබෙනවා.

මේ ඉරිදා(11) කදාන ලාෆ් සුපිරි වෙළඳ සැලෙදී ලංකාවට මේ Yummy හදුන්වලා දෙනවා.

ඔබ ඉන්නේ කඳාන අවට නම් එදාට අනිවාර්‍යයෙන්ම ලාෆ් වෙළඳසළට එන්න. 
ළඟදීම ඔබට ආසන්නම වෙළඳසලෙන් Yummy නූඩ්ල්ස් මිලදී ගැනීමේ හැකියාව ලැබෙවි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − thirteen =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!