happyplaces

යාල කැලේ සුපිරි කූඩාරමක් – Pardus Seek

By  | 


Pardus seek (2)

යාල කියන්නේ ශ්‍රී ලංකා කොටියා දකින්න තියෙන හොඳම තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොටියා විතරක් නෙවෙයි අලියා, වලසා, මොණරා වගේ සත්තු ගණනාවක්ම යාල දි දකින්න පුළුවන්. ඊළග නිවාඩුවට යාල යන්න ඉන්නවා නම් ගිහිල්ලා ඉන්න තැනක් ගැන මේ කියන්න හදන්නේ. මේක හෝටලයක් නෙවෙයි. මේක සුපිරි කූඩාරමක්. මෙතන හදුන්වන්නේ Pardus Seek කියලා. යාල පලටුපාන බීච් එක කිට්ටුව තියෙන මේ නවාතැන්පළ නිවාඩුවකට අළුත්ම අත්දැකීමක් වේවි.
DCIM100GOPROGOPR1574.

DCIM100GOPROGOPR1425.

DCIM100GOPROGOPR1568.

යාල කැලේට කිට්ටුවම තියෙන Pardus Seek කඳවුර හදලා තියෙන්නෙම හරි වෙනස් විදිහට. කැලේ මැද්දේ ලී වලින් හදපු තට්ටුවක් උඩ තමයි මේ සුපිරි කූඩාරම් හදලා තියෙන්නේ.12 x 25 ප්‍රමාණයේ මේ tent එක ඇතුළේ සියලු සුපිරි පහසුකම් තියෙනවා.සිසිලස රදවා ගන්න සිසිල් කරණයක්, නාන කාමර, සුර්ය බලයෙන් එන විදුලි බලය, මේ විදිහට නිවාඩුවකට විවේකයකට අවශ්‍ය හැම දෙයකින්ම මේ කූඩාරම සමන්විත වෙනවා.

Pardus seek (8) Pardus seek (11)

Pardus seek (4) Pardus seek (5)

පොල් අතු වහලා හදලා තියෙන මේ සුපිරි කූඩාරම් වල සිසිලස උපරිමව රැදෙනවා. මේ නිසා විවේකීව නිදහසේ ඉන්න පුළුවන් මෙතන. ඒ වගේම තමයි මෙතනදි ආහාර ගන්න එකත් සුන්දර වැඩක් . මොකද කැමති නම් කිට්ටුවම තියෙන ගල් තලාවක් උඩදී ශ්‍රී ලාංකේය ආහාර වේලක රස බලන්න පුළුවන් එහෙම නැත්තං කැලේ මැද්දට වෙන්න හදලා තියෙන විශාල ලී තට්ටුවක් උඩ ඉඳලා කෑම කන්න පුළුවන්.

Pardus seek (10) Pardus seek (9) Pardus seek (7)

සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී විදිහට හදලා තියෙන් මේ Pardus Seek එකේ ගාස්තු ගැන කිව්වොත් තුන්වේලටම කෑම බීම සහ නවාතැන් එක්ක එක්කෙනෙකුට රුපියල් 5000/= ක් වගේ වෙනවා. http://pardusseek.com/

credit:www.awidimu.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.