Development

ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධන කටයුතු වේගවත් කරමින් දෙවන ශ්‍රී ලංකා බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව සාර්ථකව නිම වෙයි.

By  | 

(කොළඹ, ශ්‍රී ලංකාව) විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා තොරතුරු තාක්ෂණ විසඳුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමුඛයින් වන Huawei සාර්ථක දෙවන වරටත් ශ්‍රී ලංකා බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව සඳහා අත්වැල් බැඳගනියි. මේ අනුව 2017 සැප්තැම්බර් 12 වන දින මෙම සමුළුව අති සාර්ථක ලෙස කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පවත්වනු ලැබිණ. “වඩා හොදින් සම්බන්ධ වූ ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වූ මෙවර සමුළුව සඳහා මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු කොටස් කරුවන් සහභාගි වූ අතර එහිදී මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් කටයුතු සංවර්ධනය , ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා පහසුකම් සලසාගැනීම මෙන්ම විදුලි සංදේශ කොටස්කරුවන් අතර තිරසර සබදතා පද්ධතියක් ස්ථාපිත කර ගැනීම ආදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ප්‍රථම ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව 2016 වසරේදී සාර්ථකව නිමවූ අතර එම සමූලුව සඳහා මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කොටස් කරුවන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයක් සහ උනන්දුවක් දක්නට ලැබිණ. මෙවර පැවති සමුළුව සඳහා ද විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කොටස් කරුවන් ගේ ඉහළ සහභාගිත්වයක් සහ උනන්දුවක් දැක්වීය. මෙවර සමුළුව සම්පත්දායකයින්ගේ දේශන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය, සහ Huawei යන ආයතන වල නියෝජිතයින්ගේ අදහස් දැක්වීම් වලින්ද සමන්විත විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රය ගතවූ වසර කිහිපය තුළ ඉහල මට්ටමක වර්දනයක් පෙන්නුම් කරන බවයි. ඉතා කෙටි කාලයක් තුළ ඇතිවූ මෙම සිඝ්‍ර ලෙස වර්ධනය තුළින් ශ්‍රී ලංකාව රටක් වශයෙන් කොතරම් වී දියුණුවට පත්වී ඇතිදැයි පෙනී යන බවයි. නව යුගයේ ඩිජිටල් සන්නිවේදන වර්ධනය සඳහා ශ්‍රී ලංකා බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුව වැනි අවස්ථා එම වර්ධනයට හේතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සමුළුවේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා සඳහන් කළේ 2005 දී ශ්‍රී ලංකාවේ මෙහයුම් ආරම්භ කිරීමේ සිට Huaweiඅනිකුත් දේශිය ක්‍රියාකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් දකුණු ආසියාවේ ඉහළ වෙළඳ පළ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ බව පෙන්වා දුන්නේය.එමෙන්ම Huawei විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන බවත් මෙම බ්‍රෝඩ්බෑන්ඩ් සමුළුවේ කොටස්කරුවන් වීමට අවස්ථාව හිමිවීමත් මහත් භාග්‍යයක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සියලුම තොරතුරු තාක්ෂණික සේවා වල පදනම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් වන බැවින් වියදම සහ කාලය පිරිමසා ගනිමින් මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය සිදුකරන ආකාරය ගැන මෙහිදී සාකච්ඡාවට ලක්විය. ලොව අනිකුත් රටවල ආදර්ශය ලබාගනිමින් මනා සැලසුමකට අනුව මෙරට බ්‍රෝඩ්බෑන්ඩ් වර්ධනය සඳහා අර්ථාන්විතව දායක වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී විවිධ අදහස් මතුවිය.මෙරටට වඩාත් ගැලපෙන ආකාරයට ‍බ්‍රෝඩිබෑන්ඩ් වර්ධනය කිරීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සකසා ගැනීම ද මෙම සමුළුවේ කථාබහට ලක්වූ තවත් කරුණකි.

මෙම අවස්ථාවේදී “ ඩිජිටල් සමාජයක්“ යන තේමාව යටතේ මෙරට අනාගත ඩිජිටල් සබඳතා වර්ධනය පිළිබඳව වන ඉදිරිපත් කිරීම් රැසක්ද සිදුකෙරුනු අතර “2020දී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජීවිතය “ වැනි මාතෘකා ඒ අතර විය. බ්‍රොඩ්බෑන්ඩ් වර්ධනයෙන් මෙරට ජනතාවගේ ජීවන රටාව වෙනස් වන්නේ කෙසේද? ඒ සඳහා වෙනස් විය යුතු ප්‍රතිපත්තිමය තීරණ මොනවාද යන්න පිළිබඳව ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.