HappyPeople

Huawei හි “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි

By  | 

ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක්

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල් තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් මෙම සමාජ සත්කාර වැඩසටහන ක්‍රියාත්මක කරයි. එහි ආරම්භය වශයෙන් මෙරට විශ්වවිද්‍යාලවලින් තෝරාගත් සිසුන් 10 දෙනෙකුට 2016 නොවැම්බර් 5 වනදා සිට නොවැම්බර් 19 වනදා දක්වා චීනයේ අධ්‍යන චාරිකාවක නිරතවීමට Huawei විසින් පූර්ණ අනුග්‍රහය දක්වයි.

11

දිවයින පුරා පිහිටි සරසවි 8 කින් මෙම සිසුන් 10 දෙනා තෝරා ගෙන ඇති අතර එම සිසුන් තෝරාගැනීම විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ මෙන්ම Huawei හි මැදිහත්වීමෙන් සිදුකර තිබේ. මෙම අධ්‍යයන චාරිකාව අතරතුරදී එම සිසුන්ට චීනයේ සාම්ප්‍රදායික සංස්කෘතිය, චීන අක්ෂර කලාව, චිත්‍ර සහ බෙයිජිං භාෂාව බෙයිජිං හි පිහිටි සංස්කෘතික විශ්ව විද්‍යාලයේදී හැදැරීමට අවස්ථාව හිමිවෙයි. මීට අමතරව අති නවීන තාක්ෂණය පිළිබඳව හැදෑරීම සදහා මෙම සිසුන් Huawei මූලස්ථානය වෙත යොමුකෙරේ. එහිදී LTE තාක්ෂණය, cloud computing,ආදී තාක්ෂණය පිළිබඳව චීනයේ ෂෙංෂෑන් හි පිහිටි ඉහළම තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගාර තුළදී අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි. නවීනතම තොරතුරු තාක්ෂණික වැඩිදුයුණු කිරීම් පිළිබඳව Huawei විද්‍යාගාර තුළදී Huawei හි පළපුරුදු තාක්ෂණික ශිල්පීන් වෙතින් දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වයකි. නවීනතම තොරතුරු තාක්ෂණය පිළිබඳව සජීවි නිදර්ශක රැසක් සමඟ ප්‍රායෝගික පුහුණවක් ලැබීමට මෙම චාරිකාව සඳහා සහභාගි වන්නන්ට අවස්ථාව හිමිවෙයි.

Huawei ශ්‍රී ලංකා‍ ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ වන දිගු කාලීන සබඳතාවයක් ප්‍රතිඵලයක් ලෙස මෙවැනි දේශීය දක්ෂතා වර්ධනය කරලීම සඳහා දායක විය හැකිවූ බවයි. “Seeds for future” වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවට, දේශීය ප්‍රජාවට,සරසවි සිසුන්ට, සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පුළුල් මෙහෙවරක් සිදුකළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නැංවීම සඳහා Huawei හි මෙම මැදිහත්වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළකරන බවයි. මේ යටතේ චීන සංචාරය සඳහා තෝරාගෙන ඇති සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂයයට අදාලව තමන්ගේ කුසලතා වර්ධනය කරගැනීමට ඉතා හොඳ අවස්ථාවක් හිමිවී ඇති බවත්, තාක්ෂණය සහ කුසලතාවය අතින් ඉතා උසස් දැනුමක් සහ අවබෝධයක් මෙහිදී ලබාගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීය. ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නිර්මාණ වල අවශ්‍යතාව සම්පුර්ණ කර ගැනීමට මෙවැනි වැඩසටහන් රුකුලක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ සිසුන් තුළ වන ආත්ම ශක්තිය මෙහිදී වර්ධනය වීම නිසා බහු සංස්කෘතික පසුබිමක් තුළ ප්‍රමුඛ රැකියා අවස්ථා හිමි කර ගැනීමට පවා සිසුන්ට හැකියාව ලැබෙන බවයි.

තොරතුරු තාක්ෂණය අනිකුත් සියලු ව්‍යාපාර පාලනය කිරීම සඳහා යොදාගනියි. තොරතුරු තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය වර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ආර්ථික, සමාජයීය, හා පාරිසරික යන අංශ වල දීර්ඝ කාලීන තිරසාරත්වය ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරයි.

Huawei ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවෙක් වන අතර ගුවන් ජාල,ව්‍යවසාය,පාරිභෝගික සහ ක්ලවුඩ් කොම්පියුටර් සේවා ඉලක්ක කරගනිමින් කටයුතු කරයි. ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක Huawei සිය මෙහෙයුම් සිදුකරයි. ඒ අනුව සලකා බැලූ විට ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් සඳහා Huawei සිය සේවා සපයයි. වසර 2005 දී Huawei ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කළ අතර මේ වනවිට මෙරට ජනගහනයෙන් 70% ක් පමණ යා කරමින් Huawei සේවා සපයයි. විශේෂයෙන්ම Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකික පාරිභෝගිකයා අතර අතිශයින් ජනප්‍රිය වී තිබේ.

[emojot type = “inline” id=”56a82591e22c01f34569697f_579d6846f779058d6d78f309″]