fbpx

HappyTech

Huawei P9 යුරෝපයේ හොඳම පාරිභෝගික ස්මාර්ට්ෆෝනය ලෙස EISA සම්මානයෙන් පිදුම් ලබයි.

By  | 


Huawei P9 ස්මාර්ට්ෆෝනය 2016 – 17 වසරවල යුරෝපයේ හොඳම ස්මාර්ට්ෆෝනය ලෙස European Image and Sound Association (EISA) සම්මානයෙන් පිදුම් ලබයි. Huawei පාරිභෝගික ව්‍යාපාරික සමූහය නිවේදනය කළේ Huawei වෙත මෙම සම්මානය හිමිවූ සිව්වන අවස්ථාව මෙය බවයි. හොඳම තත්වය සහ නිමාව සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය Huawei P9 වෙත පිරිනමා තිබේ.

ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණයේ නිම් වළලු පුළුල් කරමින් නිපදවූ Huawei P9 ස්මාර්ට්ෆෝනය ලොව ප්‍රකට වෙළඳ නාමයක් වන Leica Camera AG හා එක්ව නිර්මාණය කර තිබේ. ද්විත්ව කැමරා ලෙන්ස් සහිත Huawei P9 ස්මාර්ට්ෆෝන් ඡායාරූප කලාවේ මීලඟ අදියර හඳුන්වා දී තිබේ. විචිත්‍ර වර්ණ ඡායාරූප මෙන්ම සුපැහැදිලි කළු සුදු ඡායාරූප ලබා ගැනීමේ හැකියාව මෙම සුවිශේෂී පහසුකම යටතේ හිමිවෙයි.

2016-17 වසරේ යුරෝපයේ හොඳම ස්මාර්ට්ෆෝනය ලෙසට Huawei P9 නම් කරමින් European Image and Sound Association (EISA) විනිසුරු මඩුල්ල සඳහන් කළේ වැදගත් නිපැයුම් මිලදී ගැනීමට ඇති හැකියාව සහ අයිතිය සුළු කොට තැකිය නොහැකි බවයි. ඒ බව Huawei P9 ස්මාර්ට්ෆෝනයෙන් වඩා තහවුරු වන බව ද එම විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබේ. 5.2-inch IPS-NEO LCD තිරයක් සමඟ සම්පූර්ණ HD තාක්ෂණය , octa-core HiSilicon Kirin 955 SoC සහ Android OS 6.0 ආදී තාක්ෂණික පහසුකම් නිසා Huawei P9 ස්මාර්ට්ෆෝනය පාරිභෝගික සිත් සතන් ඇද ගන්නා සුළු ස්මාර්ට්ෆෝනයක් බවට පත්ව ඇති බවද එම විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ. එපමණක් නොව ලොව ප්‍රමුඛ Leica Camera AG හා එක්ව මෙම ස්මාර්ට්ෆෝනය නිර්මාණය කිරීම මඟින් Huawei වෙළඳ නාමය ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රය තුළ ඉතිහාසගත වී ඇති බවත්, මෙහි එන් ද්විත්ව කැමරා ලෙන්ස් තත්වයෙන් උසස් ඡායාරෘප සහ වීඩියෝ ලබාදීමට සමත් වන බවත් ඔවුහු සඳහන් කරති. එමෙන්ම 3,000 mAh ධාරිතාවකින් යුතු බැටරිය නිසා වැඩි කාලයක් ස්මාර්ට්ෆෝනය සක්‍රියව තබා ගැනීමේ හැකියාවද ඇති අතර හතර කොන වෘත්තාකාර වූ නිමාව නිසා Huawei P9 හි බාහිර පෙනුමද ආකර්ශණීය වන බව එම විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබේ.

මෙම සම්මානය හිමිකර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝනය බවට Huawei P9 පත්වී ඇත්තේ එහි පාරිභෝගිකයින් Huawei P9 හි විශිෂ්ඨ සන්නාම තානාපති වරුන් වශයෙන් කටයුතු කරන නිසා බවයි. නිරතුරුවම පාරිභෝගික අවශ්‍යතා හදුනාගනිමින් ඔවුන්ගේ ජීවන රටාවට තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට Huawei කටයුතු කරන බවත් Huawei P9 ඒ සඳහා වන හොඳම උදාහරණය බවත් හෙන්රි ලියු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Huawei P9 ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවට ගෙන්වූ පළමු තොගය සතියක පමණ කාලයක් තුළදී අලෙවි කර අවසන් වූ අතර පසුගිය වසර හා සමානවම 2016 වසරෙදීද අති සාර්ථක අලෙවි ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවට වන සාධක ඉන් තහවුරු වී තිබේ. GFK වාර්තා වලට අනුව 2016 ප්‍රථම කාර්තුව තුළදී මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළෙහි 23.3% ක කෙටසක් Huawei හිමිකර ගැනීමට සමත් වූ අතර මෙරට අංක දෙකේ ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමයේ සිට ඉදිරියට වර්ධනය වීමේ පෙර සළකුණු ඉන් පෙන්වා දෙයි. Brand Finance 2016 වාර්තා වලට අනුව ලොව වටිනාම වෙළඳ නාම 100 අතර 47 වන ස්ථානය දිනා ගැනීමට Huawei සමත්ව සිටියි.


Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + nine =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!