Sinhala

නවතම Huawei P9 පළමු තොගය සතියක් තුළ අලෙවි වී අවසන්

By  | 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝනය වන නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනයේ පළමු තොගය අලෙවි වී අවසන් වෙයි. ඉහළ තත්වයේ කැමරා පහසුකම් වලින් යුත් මෙම Huawei P9 ස්මාර්ට්ෆෝනය මෙරට බෙදාහරිනු ලබන්නේ Huawei හි එකම ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමයි. Huawei හි අලෙවි වාර්තා වලට අනුව බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැඩි අලෙවියක් දක්නට ලැබෙන අතර පසුව දකුණු සහ මධ්‍යම යන පළාත් වලින් වැඩි අලෙවියක් වාර්තා වෙයි.

කැමරා ලෙන්ස් සඳහා ලොව ප්‍රමුඛතම සමාගම වන Leica Camera AG සහ Huawei එක්ව නිර්මාණය කළ Huawei P9 ජාත්‍යන්තර ප්‍රමුඛ සමාගමක් හා එක්ව Huawei නිර්මාණය කළ ප්‍රථම ස්මාර්ට්ෆෝනයයි.

1.Shunli Wang – CEO Huawei Sri Lanka and Henry Liu – Country Head Huawei Device Sri Lanka introducing the new Huawei P9 flagship smartphone


Huawei P9 හි ඇති ද්විත්ව ලෙන්ස් ක්‍රියාකාරීත්වය මගින් ස්මාර්ට්ෆෝන් ඡායාරූප කලාවේ මීලඟ අදියර හඳුන්වා දෙයි. එමඟින් සුපැහැදිලි කළු සුදු ඡායාරූප මෙන්ම අනර්ඝ වර්ණ ඡායාරූප ලබාගැනීමේ හැකියාව පවතී.

එමෙන්ම Huawei P9 නවීන දෘෂ්‍ය ප්‍රයෝග රැසකින් සමන්විත වන අතර ලබාගත් ඡායාරූපය ඊට ආවේණික ක්‍රමයකට හැඩගන්වා ගැනීමට එම ප්‍රයෝග උපකාරී වෙයි. අඟල් 5.2 ක 1080p තිරයකින් සමන්විත Huawei P9 ස්මාර්ට්ෆෝනය Kirin 955 2.5GHz 64-bit ARM ප්‍රොසෙසරයකින් ද සමන්විත වෙයි. තවද 3,000mAh ධාරිතාවකින් සමන්විත බැටරිය මඟින් Huawei P9 භාවිත කරන්නාට වැඩි භාවිත කාලයක් ලබා දෙයි.

Huawei ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දෙන්නේ නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය සඳහා ලැබුණු පිළිගැනීම පිළිබඳව සතුටට පත්වන බවයි. නවතම Huawei P9 නවීනත්වයෙන්,මාදිලියෙන් විශිෂ්ඨ වීම මෙන්ම ස්මාර්ට්ෆෝනය ඡායාරූපකරණයේ මීළඟ අදියර නියෝජනය කිරීමද මෙම සාර්ථකත්වයට හේතු වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. දිවයින පුරා පිහිටි ඕනෑම Huawei අලෙවි සැලක් වෙත ගොස් නවතම Huawei P9 ස්මාර්ට්ෆෝනය අත්හදා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවාසීන්ට ඇරයුම් කරන බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි. GFK වාර්තා වලට අනුව 2016 පළමු කාර්තුව තුළ මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුල 23.3% ක වර්ධනයක් Huawei විසින් පෙන්නුම් කර ඇති අතර ඉදිරි කාර්තු කිහිපය තුළ එම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.
2016 Brand Finance වාර්තා වලට අනුව ලොව වටිනාතම වෙළඳ නාම 100 අතර 47 වන ස්ථානය Huawei විසින් හිමිකරගෙන සිටියි. ජාත්‍යන්තර වශයෙන් Huawei ලොව අංක 3 ස්ථානයේ පසුවන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන අතර වීනයේ අංක එකේ ස්මාර්ට් ෆෝන් වෙලඳ නාමයයි.

Huawei අලෙවි කළමණාකරු රුවන් ගමගේ මහතා පෙන්වා දුන්නේ Huawei P9 පිළිබඳ නිෂ්පාදන දැනුම පමණක් නොව එම ස්මාර්ට් ෆෝනය අත්හදා බැලීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අවස්ථාව හිමි කර දීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් Huawei විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.


වර්තමානයේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳ පලේ අංක දෙක හිමිකරගෙන සිටින Huawei ස්මාර්ට්ෆෝන් ඊළඟ කාර්තු කිහිපය තුළ අංක 1 වෙත පැමිණීමට සැලසුම් කර තිබේ. Huawei ස්මාර්ට්ෆෝන් මෙරට අලෙවි කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 වෙළඳ නාමය වන සිංගර් ශ්‍රී ලංකා විසිනි. පසුගිය වසර කිහිපය තුළදී මෙන්ම Huawei 2016 වසර තුළදී ද අලෙවි ඉලක්ක රැසක් සපුරා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි.

Huawei ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක ලෝක ජනගහණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට සිය භාණ්ඩ හා සේවා සපයයි. 2015 වසර තුළ ස්මාර්ට්ෆෝන් අපනයනය අතින් ලොව තුන්වන ස්ථානයට පත් වූ Huawei ඇමෙරිකාව, ජර්මනිය, ස්වීඩනය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල සමීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ස්මාර්ට්ෆෝන්, පරිගණක, ටැබ්ලට්, පැළඳුම් උපකරණ, ක්ලවුඩ් සේවා, පවත්වාගෙන යන Huawei පාරිභෝගික වෙළඳ සමූහය Huaweiහි ප්‍රධානතම ව්‍යාපාර තුනෙන් එකකි. වසර 20ක් පුරා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කටයුතු කරන Huawei හි ජාත්‍යන්තර ජාලය පාරිභෝගිකයින් වෙත නවීන තාක්ෂණය සපයාදීමේ ප්‍රමුඛයින් වී සිටියි.