fbpx

HappyTech

Huawei MediaPad ලංකාවේ වෙළඳ පොලට හදුන්වා දෙයි.

By  | 

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය වන Huawei මෙරට ටැබ්ලට් පරිගණක ක්ෂේත්‍රය වෙත Huawei MediaPad හඳුන්වාදෙයි. MediaPad T1-7”, MediaPad T1-10” සහ MediaPad M2 8.0 ලෙස රුපියල් 16,999, රුපියල් 33,499 සහ රුපියල් 49,999 යන මිළ ගණන් යටතේ මෙම Huawei MediaPad වෙළඳ පොලට හදුන්වා දී තිබේ.


Huawei MediaPad T1-7”වෙළඳ පොළේ පවතින විශේෂතා රැසකින් සමන්විත ටැබ්ලට් පරිගණකයකි.කාර්ය බහුල විධායකයින්ට, පාරිභෝගිකයින්ට මෙන්ම අලෙවි ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ කාර්ය බහුල ජීවන රටාවට ගැලපෙන පරිදි මෙම Huawei MediaPad T1-7” නිපදවා තිබේ.

බරින් අඩු සැහැල්ලු ලෝහයෙන් නිපදවා ඇති Huawei MediaPad T1-7” මිලි මීටර් 8.5ක ඝණකමකින් යුක්ත ග්‍රෑම් 278 ක බරකින් යුක්ත වෙයි. මේ නිසා ඉතා පහසුවෙන් බෑග් එකක සහ පොකට්ටුවක රදවා ගෙන යා හැකි ආකාරයට මෙම Huawei MediaPad එක නිපදවා තිබේ. IPS ඩිස්ප්ලේ එකකින් යුත් මෙම Huawei MediaPad මඟින් Adobe RGB වර්ණ සංයෝජන මගින් ඉතා සුපැහැදිලි වර්ණ සහිත පෙනුමක් ලබා දෙයි. 16M වර්ණ සහිත WSVGA තිරයකින් ද මෙම Huawei MediaPad සමන්විත වෙයි. අංශක 178° ක් දක්වා වන පුළුල් කලාපයක් ආවරණය වන සේ සුපැහැදිලි ලෙස ඡායාරූප ලබාගැනීමට ඇති හැකියාව ද මෙම Huawei MediaPad T1-7” හි විශේෂත්වයකි.

Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ උසස්ම තත්වය සහ හොඳම තාක්ෂණය ඉලක්ක කරගනිමින් මෙරට ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ නව පෙරළියක් ඇති කරමින් ශ්‍රී ලංකාවට නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට Huawei කටයුතු කර ඇති බවයි. සියලු ශ්‍රී ලාංකිකයින්කේ ජීවන විලාසිතාවලට ගැලපෙන Huawei MediaPad එහි තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

Huawei MediaPad T1 7.0 සාමාන්‍ය ස්මාර්ට්ෆෝනයක් හෝ ටැබ්ලට් පරිගණක් මෙන් ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වන අතර 3G සබඳතා සහ wi-fi සබඳතා හා සම්බන්ධවීමේදී ඇති වේගවත් බව නිසා ඉතා ඉක්මන් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වෙයි. මේ නිසා ඉතා වේගවත්ව අන්තර්ජාලය හා සම්බන්ධ වීම සහ ඇමතුම් ලබාගැනීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි. මෙහි ඇතුළත් 4100 mAh බැටරිය නිසා පැය 300 කට වැඩි කාලයක් මෙම MediaPad එක සක්‍රියව තබාගත හැකිවන අතර එමඟින් අන්තර්ජාලය භාවිත කිරීමේදී සම්පුර්ණ බැටරි ආයු කාලය පැය 8ක් වන අතර, චිත්‍රපට ආදී වීඩියෝ නැරඹීමේදී බැටරි ආයු කාලය කාලය පැය 12ක් දක්වා වෙයි.

2016 වසර තුළ Huawei සමාගම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. GFK Q3 2016 වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ Huawei නිෂ්පාදන අලෙවිය 24.4% කින් වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ අංක දෙකේ ස්මාර්ට්ෆෝනය වන Huawei මේ වනවිට ඉදිරියට යාමේ සිය ගමන වේගවත් කර තිබේ. 2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව හොඳම නිෂ්පාදන 100 අතුරින් 47 වන ස්ථානය Huawei වෙත හිමිව තිබේ.

ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සිය පුළුල්තම අලෙවි ජාලය මඟින් Huawei නිෂ්පාදන දිවයින පුරා අලෙවි කරයි. සිංගර්, සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සිසිල් වර්ල්ඩ් ආදී අලෙවි සැල් මෙන්ම 400 කට අධික ඩිජිටල් අලෙවි සැල් සහ 1500 කට අධික බලයලත් නියෝජිත වරුන්ගෙන් සැදුම් ලත් අලෙවි ජාලයක් සිංගර් සතුවෙයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − ten =

Time limit exceeded. Please complete the captcha once again.

Do NOT follow this link or you will be banned from the site!