HappyTech

Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය නිල් පැහැයෙන් මෙරටට හඳුන්වා දෙයි

By  | 

මෙරටදී විවිධ වර්ණයෙන් මිලදී ගත හැකි මධ්‍ය පරාසසේ එකම ස්මාර්ට්ෆෝනය මෙයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සිය නවතම Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය නිල් පැහැයෙන් යුක්තව වෙළඳ පළට හදුන්වා දෙයි. ඒ අනුව මේ මාසයේ සිට Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය නිල් පැහැයෙන් යුක්තව මෙරටදී මිළදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

ලෝ සුපතල Google හි Android 7.0 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය රන්වන්, රිදී සහ අළු යන පැහැයන්ගෙන් මීට පෙර වෙළඳ පලට හඳුන්වා දී තිබිණ. මෙම වර්ණ රැස තවදුරටත් පුළුල් කරමින් නිල් පැහැයෙන් යුක්තව මෙම ස්මාර්ට්ෆෝනය හඳන්වා දීම සමඟ පාරිභෝගිකයින්ට තමන් කැමතිම නිල් පැහැයෙන් මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය ක්‍රියාකාරීත්වය සහ පෙනුම අතින් ද නවාංග රැසකින් වෙළඳ පළට හදුන්වා දී තිබේ. එනම් 5.2 inch FHD In-cell IPS screen සහ සම්පූර්ණ ස්පර්ශක තිරයක් මෙන්ම ස්ථාන 5කින් ස්පර්ශ කර ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සහිත 2.5d curved surface සහිතව මෙම ස්මාර්ට්ෆෝනය නිපදවා තිබේ. LCD තිරයකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය IPS FHD 1920- 1080 රෙසලූෂන් සහිත 16M වර්ණාවලියකින් සමන්විත වෙයි.

මෙම ස්මාර්ට්ෆෝනය Kirin 655, 4*2.1GHz A53 & 4*1.7GHz A53 ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර අධිවේගී LTE ජාලය හා 150Mbps/50Mbps දක්වා සම්බන්ධ විය හැකි පහසුකම් වලින්ද යුක්ත වෙයි. 12MP Auto Focus පහසුකම් පහිත පසුපස කැමරාව සහ LED Flash+ 8MP ඉදිරිපස කැමරාවක් ද සහිත මෙම ස්මාර්ට්ෆෝනය මගින් අවම ආලෝක තත්වයකදී වුව ඉතා සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ පහසුකම් වලින් යුක්ත වෙයි.



මෙම නව හදුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ නිරතුරුවම පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මැනවින් තේරුම්ගන්නා සමාගමක් වශයෙන් Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය නිල් පැහැයෙන් යුක්තව හඳුන්වා දීමට හැකිවීම් සම්බ්ධයෙන් තමන් සතුටට පත්වන බවයි. අනන්‍යවූ වර්ණාවලියකින් යුක්ත Huawei ස්මාර්ට්ෆෝන් පෙළ කෙරෙහි මෙරට පාරිභෝගික ආකර්ශණය ඉහළින්ම ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය. Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය විවිධ වර්නවලින් මෙරටදී මිලට ගත හැකි මධ්‍ය පරාසයේ එකම ස්මාර්ට්ෆෝනය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම ස්මාර්ට්ෆෝනය රුපියල් 31,900.00 ක මුදලකට මෙරටදී මිලට ගත හැකි අතර බලයලත් සිංගර් අලෙවි නියෝජිතයින්ගෙන්, සිංගර් ශ්‍රී ලංකා අලෙවි සැල් වලින් සහ Huawei අලෙවි මධ්‍යස්ථාන වෙතින් මිලදී ගැනීමේ හැකියාව පවතී.

Huawei 2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව ප්‍රමුඛතම සන්නාම 100 අතර 47 වන ස්ථානය හිමිකරගෙන සිටින අතර Interbrand’s හි ලොව හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීම අනුව 72 වන ස්ථානය පත්ව සිටින සන්නාමයකි. GfK වාර්තා වලට අනුව මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළේ 30% ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින Huawei මෙරට අංක 2 හිමිකරගෙන සිටින ස්මාර්ට්ෆෝනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.