Happy Living

ගෘහ අලංකරණයේ නව පෙරළිය Home Store Gallery නව පහසුකම් රැසක් සමඟ විවෘත වෙයි

By  | 

නවීන විලාසිතාවට අනුව ජීවිතය පවත්වාගෙන යාමට කැමති අය වෙනුවෙන් ගෘහ අලංකරණ අංගෝපාංග රැසකින් සමන්විත නවතම Home Store Gallery ප්‍රදර්ශනාගාරයක් කොහුවල ඩී එස් ජයසිංහ මාවතේ අංක 47 දරන ස්ථානයේ විවෘත වෙයි.

නිවාස විසිතුරු කර ගැනීම සඳහා උනන්දු වන පාරිභෝගිකයින් සඳහා වන පහසුකම් රැසකින් නව ප්‍රදර්ශනාගාරය සමන්විත වෙයි. ජර්මනියේ නිෂ්පාදනය කෙරෙන ලොව උසස් මට්ටමේ වෝල් පේපර් රැසක් ඇතුළු නිවාස විසිතුරු කරන අංග රැසක් තිලිණ කරන Home Store Gallery ආයතනය මීට වසර 10 කට පමණ පෙර පවුලේ ව්‍යාපාරයක් ලෙස ඇරඹුනු බව එහි ප්‍රධාන විධායක නිලධාරි අද්නාන් ඉක්බාල් මහතා පැවසීය. ලොව හොඳම වෝල් පේපර් රැසකින් යුත් ආදර්ශක පොත් 20 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනාගාරයේ තබා ඇති අතර පාරිභෝගිකයාට සිය කැමැත්තට ගැලපෙන වෝල් පේපර් තෝරා ගැනීමට එහිදී අවස්ථාව සැලසෙයි. Home Store Gallery හි ප්‍රධාන විධායක නිලධාරි අඩ්නාන් ඉක්බාල් මහතා ගේ අදහසක් අනුව පාරිභෝගිකයින් සඳහා වැඩි ඉඩ කඩ ඇති මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කරනු ලැබීය.

img_4816

නිවාස වල බිත්ති අලංකාර කිරීම සඳහා වෝල් පේපර් භාවිත කිරීමේදී වෝල් පේපර් රෝලක් මිලදී ගන්නා බොහෝ පාරිභෝගිකයින්ට සිය බිත්ති වල ඒවා ඇලවීමෙන් පසු ඉතිරි වන වෝල් පේපර් යම් ප්‍රමාණයක් ඉවත දැමීමට සිදුවෙයි. මෙම අපහසුතාව මඟහරවා ගැනීම සඳහා Home Store Gallery කටයුතු යොදා ඇති අතර ඒ අනුව පාරිභෝගික කැමැත්ත පරිදි මිලදී ගැනීමට වර්ග අඩි 50 සහ වර්ග අඩි 100 ප්‍රමාණ වලින් යුතු වෝල් පේපර් රෝල අලෙවි කිරීමට Home Store Gallery කටයුතු යොදා තිබේ.

img_4837

img_4848

තම පාරිභෝගිකයින්ගේ ගෘහ අලංකරණ කිරීම සඳහා වන සියලුම අවශ්‍යතා එකම වහලක් යටදී ලබාගත හැකි ආකාරයට Home Store Gallery විසින් සිය අලෙවි භාණ්ඩ ලැයිස්තුවට මෑතකදී නිෂ්පාදන රැසක් එකතු කර තිබේ. ඒ අනුව මේස රෙදි, මේස සඳහා වන ලිනන්, නැප්කින්, කුෂන් කවර, ඇඳ ඇතිරිලි, කුළුබඩු ඇසුරුම් රාක්ක, වීදුරු ඇසුරුම්, ආදී නිපැයුම් පෙළක්ද සිය ප්‍රදර්ශනාගාරයේ අලෙවියට එක් කර තිබේ. එමෙන්ම පාකිස්ථානයෙන් ගෙන්වන ලද මනරම් කාපට් වර්ග රැසක්ද විවිධ විලාසිතා වලින් මෙහිදී මිලදී ගත හැකි වෙයි. කපු මිශ්‍රිත අතින් ගොතන ලද මෙන්ම යන්ත්‍රයෙන් වියන ලද කාපට් සහ පාපිසි වර්ග රැසක් මෙහිදී මිලට ගත හැකිවෙයි.

‘Mommy’s Designer Boutique’ යටතේ ළදරු නිෂ්පාදන සඳහා වන වෙනම අංශයක් මෙම නව ප්‍රදර්ශණාගාරයේ පිහිටුවා ඇති අතර ළදරු ඇඳුම්,තොටිලි, ළදරු ඇඳ ඇතිරිලි, කොට්ට කවර ආදිය මෙහි අලෙවියට තබා තිබේ. තවද පාරිභෝගිකයින්ගේ කැමැත්ත පරිදි සකසා ගැනීමට හැකියාව ලැබීමද විශේෂත්වයකි.
වඩාත් සාධාරණ මිළ ගණන් යටතේ Home Store Gallery වෙතින් භාණ්ඩ මිළදී ගත හැකි අතර වෘත්තිය ගෘහ අලංකරණ ශිල්පීන්ට සහ වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පීන්ට සිය ව්‍යාපෘති ඉලක්ක නිසි ආකාරයට සපුරා ගැනීම සඳහා අවශ්‍ය සියලු උපාංග මෙහිදී මිලදී ගත හැකිය.

img_4856

ඉදිරියේදී විවාහ මංගල අවස්ථා සඳහා සහ දරු උපත් සඳහා තෑගි ලබා දීමේදී ලැයිස්තු ගත කිරීමේ සේවාවක් (Registry service) ආරම්භ කිරීමට නියමිත අතර ඒ යටතේ පාරිභෝගිකයින්ට Home Store Gallery වෙත පැමිණ සිය ඉදිරි උත්සව අවස්ථාව ලියාපදිංචි කළ හැකි අතර එහිදී තමන්ට කැමති තෑගි ලැයිස්තුවක් සකසා ගත හැකිය.

මීට අමතරව පාකිස්ථානයෙන් ගෙන්වනු ලබන උසස් මට්ටමේ සල්වාර් මෝස්තර පෙළක්ද Home Store Gallery වෙතින් මිලදී ගත හැකි අතර Bin Saeed සහ Gul Ahamed වැනි ප්‍රකට වෙළඳ නාම වලින් යුත් නිෂ්පාදන මෙහිදී අලෙවි කෙරේ.

img_4879

Home Store Gallery විසින් සෑම සතියකටම වරක් තෝරාගත් නිෂ්පාදන සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් සහ වාසි රැසක් හිමිවෙයි. තෝරාගත් නිෂ්පාදන සඳහා “එකක් ගත් විට එකක් නොමිලේ “ ආදී විශේෂ වරප්‍රසාද රැසක් උත්සව සමය තුළ පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට Home Store Gallery කටයුතු යොදා තිබේ.

[emojot type = “inline” id=”56a82591e22c01f34569697f_579d6846f779058d6d78f309″]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.