HappyBusiness

නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

By  | 

ෆෝඩ් මෝටර් සමාගම සහ එහි දේශිය බෙදාහරින්නා වන ෆියුචර් ඔටෝමොබයිල්ස් හා එක්ව වැඩි පහසුකම් සහිත නවතම ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. මෙම රථය හෙට සිට ෆෝඩ් අලෙවි මධ්‍යස්ථාන වලදී මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

නවතම Ranger රථය ආරක්ෂාව සහ උසස් තාක්ෂණය අතින් පැවති Ranger රථ අභිබවා යමින් පික් අප් ට්‍රක් රථ අතර අසම සම හැකියාවලින් යුත් රථයක් බවට පත්ව ඇත.


මෙම නව Ranger රථය පිළිබඳව අදහස් දක්වන ෆෝඩ් මෝටර් සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ කළමණාකාර අධ්‍යක්ෂ ඩේවිබ් වෙස්ටර්මන් සඳහන් කළේ “ෆෝඩ් නිපැයුමක රළු භාවිතාවට සුදුසු බව“ පසක් කරමින් මෙම නව රථය නිපදවා ඇති බවයි. මෙම නවතම ෆෝඩ් Ranger රථය මෙරට ඇති අනිකුත් පික් අප් රථවලට වඩා වැඩි කාර්යක්ෂම බවින් සහ පහසුකම් වලින් යුක්ත වන බවත් ආරක්ෂාව සහ ස්මාර්ට් තාක්ෂණයෙන් අනූන මෙම රථය එවැනි පහසුකම් සහිත මෙරට එකම පික් අප් රථය වන බවත් පෙන්වා දුන්නේය.

නවීන තාක්ෂණය,මාදිලිය සහ නව ඇතුළත නිමාව මෙන්ම ජලය සහිත ප්‍රදේශ වල ධාවනය කිරීම සහ බර රැගෙන යාම අතින් ගත් කළ එම පන්තියේ හොඳම රථය බවට පත් වන්නේ මෙම නවතම Ranger රථයයි.

ෆෝඩ් හි නවතම තාක්ෂණය යටතේ වැඩිදියුණු කළ මෙම රථය ලීටර් 3.2 Duratorq සිලින්ඩර් පහ සහ ලීටර් 2.2 Duratorq සිලින්ඩර් හතර තාක්ෂණය යටතේ නිපදවා ඇති අතර TDCi ඩීසල් එන්ජිමකින් යුක්ත වෙයි. මෙම තාක්ෂණය නිසා සාමන්‍ය රථයකට වඩා 12% කින් ඉන්ධන අරපිරිමැස්මකින් මෙම Ranger රථය ධාවනය කළ හැකිය.

මෙම නව Ranger රථය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ ෆියුචර් ඔටෝමොබයිල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ රළු මංමාවත් වල ධාවනය කිරීමට සුදුසු රථයක අවශ්‍යතාව සහ එම ගමනේදී මගී සුවපහසුව ආරක්ෂා කරගැනීම යන ශ්‍රී ලාංකික රියදුරන් අපේක්ෂා කරන කරුණු දෙකම මෙම නව Ranger රථය මඟින් සපුරාලන බවයි. මේ හේතුවෙන් මෙම නව Ranger රථය ශ්‍රීලාංකිකයින්ගේ බලාපොරොත්තු ඉටු කරන රථයක් බවද හෙතෙම සඳහන් කළේය.

මිලිමීටර් 800 ක් ගැඹුරු ජල මට්ටමක් මතින් අපහසුවකින් තොරව ධාවනය කළ හැකි මෙම නව ෆෝඩ් Ranger රථය ශ්‍රී ලංකාවට වඩා සුදුසු පික්අප් රථයක් වෙයි. මෙම නව Ranger රථය නිමකර ඇත්තේ වඩා දුෂ්කර මං මාවත් වල පහසුවෙන් හැසිරවීමේ හැකියාව සහිතව ය.

ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියක් සහිත මෙම Ranger රථයේ 4×4 මාදිලිය 4×2 සිට 4×4 දක්වා මාරු කිරීම මධ්‍යම කොන්සෝලය හා සම්බන්ධ වූ ලිවරයක් මඟින් පහසුවෙන් සිදුකළ හැකිය. කඳුකර මාර්ගයන් හි තිරිංග භාවිත කිරීම සඳහා වන විශේෂ පහසුකම් මෙන්ම 4×4 ගියර් පද්ධතිය අඩු වේග ධාවනයන් සඳහා ද යොදාගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක් වන අතර අසීරු අවස්ථාවලදී රථය පාලනය පහසු කරවන ඉලෙක්ට්‍රොනික අගුළු පද්ධතියකින් ද මෙම රථය සමන්විත වෙයි. තවද මෙම රථය මඟින් කිලෝ ග්‍රෑම් 3500 ක බරක් ඇදගෙන යා හැකි අතර පැටවිය හැකි බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1200 කි.
නව ෆෝඩ් Ranger රථ වර්ණ 9කින් මිලට ගත හැකි අතර Metropolitan gray, Black Mica, Aluminum Metallic, Cool White, Sparkling Gold, Blue Reflex Mc, Aurora Blue Metallic, True Red ආදී වර්ණ සහ Wildtrak මාදිලිය Pride Orange Metallic ආදී වර්ණ වලින් මෙම නවතම Ranger රථය වෙළඳ පළට පැමිණ තිබේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.fordsrilanka.com/ නැතිනම් අමතන්න +94 76 540 8217.

[emojot type = “inline” id=”56a82591e22c01f34569697f_579d6846f779058d6d78f309″]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.