Events & Promos

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පනස් වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් (Photos)

By  | 

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසර පනහක් සම්පූර්ණවීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයක් අද(10) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

 පනස් වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය සහ මුල් දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර පනස් වන සංවත්සරය වෙනුවෙන් සැකසුණු සියපත සගරාව, ස්වර්ණ පුස්තකය සහ සමරු තිළිණය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.එම්. රත්නායක මහතා අතින් සිදුවිය. 

මහාසංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්, අකිල විරාජ් කාරියවසම්, සුසිල් ප්‍රේමජයන්ත්, එරාන් වික්‍රමරත්න යන මැති ඇමතිවරුන් ද ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ශිෂ්‍යයින්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින්, දෙමාපියන් ඇතුථ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප : නිශංක ද සිල්වා – ජනාධිපති මාධ්‍ය අංශය )