HappyBusiness

ආසියාවේ විශිෂ්ටතම සේව්‍ය වෙළඳ නාම සම්මාන උළෙලේ දී ඩීමෝ වෙත සම්මාන රැසක්

By  | 


7 වන ආසියානු විශිෂ්ටතම සේව්‍ය වෙළඳ නාම සම්මාන උළෙලේදී සම්මාන 3ක් දිනාගනිමින් යළිත් වරක් ඩීමෝ ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි. මෙම සම්මාන උළෙල සේව්‍ය වෙළද නාම ආයතනය, ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් විසින් සංවිධානය කරන අතර මේ සඳහා ආසියානු ව්‍යාපාරික සන්ධානයේද අනුමැතිය ඇතිව සිංගප්පූරුවේ පෑන් ෆැසිපික් හි දි පැවැත්විණ.

අගෝස්තු 4 වනදා පැවති මෙම සම්මාන උළෙලේ දී ඩීමෝ සමාගම විශිෂ්ට අංශ 3ක් යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. ආසියාවේ විශිෂ්ටතම සේව්‍ය වෙළඳ නාමය, නව්‍ය සේවකයින් බඳවා ගැනීමේ නවීනත්වය, විශිෂ්ටතම නායකත්ව සංවර්ධනය යන සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමට ඩීමෝ සමාගම සමත්විය. ඩීමෝ සමාගම වෙනුවෙන් එහි මානව සම්පත් සාමාන්‍යධිකාරිනි දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය මෙම සම්මාන උළෙල සඳහා එක්ව සිටියහ. මෙම සම්මාන සහ අඛණ්ඩ ජයග්‍රහණ වල රහස වන්නේ ඩීමෝ හි දීර්ඝ කාලීන කැපවීම සඳහා වන යහපත් පුරුද්දයි.


ලොව පුරා විසිරී සිටින මානව සම්පත් විධායකයින්ට සේව්‍ය වෙලඳ නාමය පිළිබඳ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට ද මෙහිදී අවස්ථාව හිමිවිය. “දක්ෂතා කළමණාකාරණය“,“දක්ෂතා සංවර්ධනය“ සහ “දක්ෂතා නවීනත්වය“ සේව්‍ය වෙළඳ නාම ආයතනයේ ප්‍රධාන කොටස් වෙයි. ආසියානු රටවල් කිහිපයක පිහිටි සමාගම් විශිෂ්ටතම සේව්‍ය වෙළඳ නාම සහිත සමාගම් බවට පත්කිරීම සඳහා වන වේදිකාව සැකසීම සඳහා සේව්‍ය වෙළඳ නාම ආයතනය මෙම උළෙල සංවිධානය කරයි. පවතින සමාගම් ජාලය තුළ වසර 7ක් තිස්සේ කටයුතු කරන සේව්‍ය වෙළඳ නාම ආයතනය රටවල් 36ක සමාගම් වල මානව සම්පත් ප්‍රධානීන් හා සම්බන්ධ වෙමින් නියම සේව්‍ය වෙළඳ නාමයක් ගොඩනඟා ගැනීම පිළිබඳ විද්වතුන්ගේ අදහස් සහ ආදර්ශ සමාගම් පිළිබඳ පෙන්වා දෙමින් කටයුතු කරයි.

ගතවූ වසර 77 ක ඉතිහාස කාලය තුළ ඩීමෝ ලොව හොඳම ඉංජිනේරු ‍ වෙළද නාමය බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේදී Mercedes-Benz, Siemens, Bosch, Jeep, Tata, Osram, Michelin, Zeiss, Komatsu ආදී ප්‍රමුඛ වෙළඳ නාම රැසක් සමඟ කටයුතු කරයි. ඩීමෝ අඛණ්ඩව වසර 4ක් තුළ ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා සුදුසුම ආයතනයක් ලෙස ද සම්මානයෙන් පිදුම් ලබා තිබේ. එපමණක් නොව ඩීමෝ හි මානව සම්පත් යහපත් ආකාරයෙන් මෙහෙයවීම දේශිය හා ජාත්‍යන්තර වශයෙන් අවස්ථා ගණනාවකදි ඇගයීමට ලක්ව ඇත. සිය සේවකයින් සඳහා වඩා ප්‍රියජනක සේවා ස්ථානයක් සහ සේවා පරිසරයක් ගොඩනැංවීම සදහා සේවකයින් ඇගයීම සඳහා වන ක්‍රියාකාරකම් රැසක් ඩීමෝ විසින් ක්‍රියාත්මක කර ඇති අතර සේවය කරන අතරතුර සිය දස්කම් දැක්වීම සඳහා අඛණ්ඩව දෙවන වරටත් DIMO Got Talent Competition, ආදී තරඟ සංවිධානය කිරිමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.