HappyPeople

ලෝකෙන්ම වසන් වුණු මැලේසියා යානයේ අබිරහස හෙව්ව අපේ මොළකාරයා

By  | 

මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා මගීන් 239 දෙනකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මැලේසියාවට අයත් එම්.එච්. 370 ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට දායක වූයේ ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥයෙකි. චරිත පට්ටිආරච්චි නම් වන ඔහු බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.
පසුගියදා මහාචාර්ය චරිත පට්ටිආරච්චි ශ්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදී අතුරුදන් වූ එම්.එච්. 370 ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට ඔහු මාර්ගෝපදේශ ලබාදුන් ආකාරය ‘මව්බිම’ට විස්තර කළේය.



එම්.එච්. 370 අතුරුදන් වූ ගමන් ඒ ගැන හැම දෙනාම විශාල උනන්දුවක් දැක්වූවා. ගුවන් යානය අතුරුදන් වූයේ දකුණු චීන මුහුදට උඩින් පියාසර කරමින් තිබියදීයි. මුලින් ගුවන් යානය පිළිබඳ සෙවීම් එහි කළත් පසුව අන්දමන් මුහුදේ සෙවීම් කටයුතු සිදුවුණා. පසුව පරීක්‍ෂණ කණ්ඩායම් බටහිර ඕස්ට්‍රේලියාවටත් ආවා. මා සමඟ එක්ව වැඩ කරන තවත්
ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය විජේරත්න සමඟ මාත් ආදර්ශක සාදමින් ගුවන් යානයේ සුන්බුන් කවර දිශාවක වේදැයි සොයා ගැනීමට වෑයම් කළා. නමුත් කාලය සමඟ ඒ ගැන තිබෙන උනන්දුව අඩු වුණා. අපිත් වෙනත් ව්‍යාපෘතිවල නියුතු වුණා.

එහෙත් ආදර්ශක යොදා ගනිමින් ඔහු කළ පරීක්‍ෂණයට අනුව එම්.එච්. 370 යානයේ සුන්බුන් හමුවිය හැකි ප්‍රදේශ පිළිබඳ චරිත් පට්ටිආරච්චි මහාචාර්යවරයා අනාවැකි කිහිපයක් පළ කළේය. මහාචාර්ය පට්ටිආරච්චි මහතාගේ අනාවැකි සනාථ කරමින් රියුනියන් දූපත් වලින් ගුවන් යානයේ පියාපතක කොටසක් හමුවිය. ඒ ඉකුත් 2015 වසරේ ජුනි මාසයේදීය. මෙහිදී සුන්බුන් හමුවිය හැකි ප්‍රදේශ පමණක් නොව රියුනියන් දූපත් වෙතට සුන්බුන් ඇදී එන කාලයද හරියටම පැවැසීමට අපේ මහාචාර්යවරයාට හැකිවී තිබිණි.

ගුවන් යානයේ කොටසක් මහාචාර්යවරයාගේ අනාවැකිය සනාථ කරමින් හමුවීම සම්බන්ධ බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය විශාල මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. ඊට පසු පර්යේෂණ කටයුතු දිගටම පවත්වාගෙන යෑමට ඔහුට වැඩිපුර කාලයද ලබාදුන් බව පට්ටිආරච්චි මහාචාර්යවරයා සිහිපත් කරන්නේ සතුටිනි.
ඉන් අවුරුද්දකට පමණ පසුව එම්.එච්. 370ට සිදුවූ දේ සොයා යන ස්වාධීන ගවේෂකයකු වන ඇමෙරිකානු ජාතික බ්ලේන් ගිබ්සන් මැඩගස්කරයේ මුහුදු වෙරළින් ගුවන් යානයේ කොටසක් සොයාගන්නේ මහාචාර්ය පට්ටිආරච්චිගේ තොරතුරු මතය. ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට උනන්දුවක් දක්වන කණ්ඩායමක් මැදිහත් වීමෙන් ගිබ්සන් හා මහාචාර්ය පට්ටිආරච්චි අතර හමුවීම සිදුවෙයි. ඉන් අනතුරුව නැවතත් ආදර්ශක භාවිත කරමින් පර්යේෂණ තවදුරටත් සිදුකෙරෙන්නේ දෙදෙනාගේම අත්දැකීම් එකතු කරමිනි.

තමා එම්.එච්. 370 යානයේ සුන්බුන් සොයා ඉන්දියන් සාගරය වටා ගිය බව ගිබ්සන් මහාචාර්ය පට්ටිආරච්චිට පැවැසුවේය. මට ඒවා සොයා ගන්න ලොකු අධිෂ්ඨානයක් තිබෙනවා. කොහෙටද මං යන්න ඕන. ගිබ්සන් විමසුවේය. ඔබ යා යුතු හොඳම තැන තමයි මැඩගස්කරය. මහාචාර්යවරයාගේ පිළිතුර විය. ඔහු මැඩගස්කරයටද ගිය බවත් ඊළඟට සුන්බුන් හමුවිය හැක්කේ කුමන ප්‍රදේශයකින්දැයි ඇසූ විට මහාචාර්යවරයා කියා සිටියේ මොසැම්බික් ප්‍රදේශයෙන් යානයේ කොටස් හමුවිය හැකි බවයි. ගිබ්සන් ඒ අනුව මොසැම්බික් බලා ගිය අතර තෙදිනකට පසු යානයේ කොටසක් මොසැම්බික්වලින් හමුවිය. අනතුරුව නැවත මාලදිවයිනේ සිට මහාචාර්යවරයා ඇමැතූ ගිබ්සන් මහාචාර්යවරයාගේ අවධාරණය කිරීම මත මැඩගස්කරයට ගොස් ඇති අතර එහිදී යානයේ කුඩා කොටස් 12-13ක් සොයා ගැනීමට ගිබ්සන්ට හැකි විය.

ගුවන් යානයේ සුන්බුන් කවර ප්‍රදේශවල වේදැයි සොයා ගැනීමට මහාචාර්ය පට්ටිආරච්චි මහතා යොදාගත් ආදර්ශකයන් මෙන්ම සාගරයේ දියවැල් ගමන් කරන රටාව හා වේගයද මත ඔහු විසින් සුන්බුන් තිබිය හැකි තැන් සම්බන්ධව ඉහත අනාවැකි පළකොට තිබේ. මෙහිදී මහාචාර්යවරයා ඇතුළු පර්යේෂණ කණ්ඩායම් පැකට් කරන ලද ජලය පාර්සල් සලකුණු කොට ඒවා සාගර ජලය මත පතිත කොට දියවැල් හරහා ඒවා ඇදී යන ආකාරය හා ඒවායේ ගමනාන්තය නිරීක්‍ෂණය කොට ඇත. එසේම පරිගණක භාවිතයෙන්ද සාගරයේ දියවැල් පවතින ආකාරය සොයා බලා සුළඟ හා මුහුදු රළ පහරේ බලපෑම්ද අධ්‍යයනය කර ඇත. එසේම යානය අනතුරට භාජන වූ තැන සිට ව්‍යාජ රැසක් මුදාහරිමින් ඒවා ස්ථානගත වන අයුරු සොයා බැලීමේ ක්‍රමවේදයක්ද යානයේ සුන්බුන් ඇති තැන් සොයා බැලීමට යොදාගත් බව මහාචාර්යවරයා පැහැදිලි කළේය. ඒ සඳහා යොදාගත් ආදර්ශක ‍ෙදාඩම් ගණන 50,000ක් වේ. බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලය මඟින්
ශ්‍රී ලාංකික මහාචාර්ය චරිත් පට්ටිආරච්චි මහතාගේ මූලිකත්වය ඇතිව මෙම සියලුම පර්යේෂණ ස්වාධීනව සිදුකර තිබේ.

රු කාරියවසම්.
උපුටා ගැනීම : මව්බිම

[emojot type = “inline” id=”56a82591e22c01f34569697f_579d6846f779058d6d78f309″]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit exceeded. Please complete the captcha once again.