Happy Living

”හරිත සිහිනය – 2017” ජනපති අතින් කරළියට!

By  | 
වයඹ පළාත් සභාව විසින් සංවිධානය කරන ලද හරිත සිහිනය අධ්‍යාපනික හා පාරසරික ප්‍රදර්ශනය අද (13) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල වැව රවුම පාරසරික කලාප භූමියේ දී විවෘත කෙරිණි.
 
නීල අහසක් හරිත පොළාවක්, සුරකිමු බලශක්ති, සුවසාර ආහාර, සුවබර හෙටක්, මතින් මිදෙමු සතුටින් ඉදිමු, සුරකිමු ආහාර යන ප්‍රදර්ශන කලාප 06 කින් සහ ප්‍රදර්ශන කුටි 100 කින් පමණ සමන්විත මෙම අධ්‍යාපන සහ පාරිසරික ප්‍රදර්ශනය පෙබරවාරි 12,13,14 තෙදින පුරා ප.ව 2.00 සිට රාත්‍රී 9.00 දක්වා කුරුණෑගල වැව රවුම පරිසර කලාපයේදි පැවැත්වේ. 
 
ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය. 
 
හරිත සිහිනය උදෙසා පූරෝගාමී මෙහෙවරක් ඉටුකළ අයට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
පරිසර සුරක්ෂිතතාවය කෙරෙහි ජනාධිපතිතුමා දක්වන දායකත්වය වෙනුවෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවනට තිළිණයක්  පිළිගැන්වීය.
 
අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, ගාමිනි ජයවික්‍රම පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන ඉන්දික බණ්ඩාරනායක, අශෝක අබේසිංහ යන මහත්වරුන් ද වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරන් ඇතුථ පළාත් මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.