Development

ජනපති වයඹ ඇළ ව්‍යාපෘතියේ වැඩ අරඹයි! (Photos)

By  | 
වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා ජලය ඉල්ලා හැඩු කදුථ කථාව නිමාකරමින් වයඹට ජලය ලබාදීමේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය වන වයඹ ඇළ ව්‍යාපෘතිය අද (13) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
 
වෑමැඩිල්ල වම් ඉවුරු ඇල භූමියේ පළමු පස් පිඩැල්ල කපමින් ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
 
අමාත්‍යවරුන්වන එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණි ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානත් බස්නායක, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමත්‍ය ධර්මසිරි දසනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ රාජ්‍ය නිළධාරින් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.